
(සුසිල් ප්‍රියන්ත)
හික්කඩුව පොලිසිය ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කැඳවූ දෙපිරිසක් කලහකාරි ලෙස හැසිරීමෙන් හේතුවෙන් කාන්තාවන් පස් දෙනකු ඇතුලු 19 දෙනකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය පවසයි.
වැලිගම වෙරළේ තිබූ බෝට්ටුවකට හානි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිසියට කැඳවු පැමිළි කළ පිරිස සහ අනෙක් පිරිස මෙසේ පොලිසියේ දී කලහකාරි ලෙස හැසිරුණු බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පිරිස රත්ගම හා දොඩන්දූව ප්‍රදේශවල පදිංචි පිරිසක් බව ද පොලිසිය පවසයි. සැකකරුවකු සන්තකයේ තිබූ තියුණු ආයුද කීපයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

